April 8, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා 2026 මාර්තු මාසය සඳහා වන තම පාර්ලිමේන්තු වැටුප් පත්‍රිකාව ප්‍රසිද්ධියට පත්කර ඇත.

මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද ලේඛනයට අනුව, ඔහුගේ දළ මාසික වැටුප සහ දීමනාවල එකතුව රු. 415,169.93ක් වේ.

ඉන් රු.19,308.71 ක මුළු අඩුකිරීම් වලින් පසු, ඔහුගේ ගිණුමට බැරකර ඇති ශුද්ධ වැටුප රු. 395,861.22කි.

වැටුප සැකසීමේදී මාසික දීමනාව රු. 54,285 ක්, දුරකථන දීමනාව රු. 50,000 ක්, ප්‍රවාහන දීමනාව රු. 15,000 ක්, කාර්යාල දීමනාව රු. 100,000 ක්, ඉන්ධන දීමනාව රු. 179,707.93 ක් සහ පැමිණීමේ දීමනාව රු. 15,000 ක් ලෙස ඊට ඇතුළත් වේ.

ලැයිස්තුගත කර ඇති අඩුකිරීම් අතරට ආදායම් බදු, නිවාස කුලිය, විදුලිය, ජලය සහ වෙනත් ගාස්තු ඇතුළත් වේ.

ලේඛනය ප්‍රසිද්ධ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා පැවසුවේ, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ හා සමාන වැටුප් ලැබෙන නමුත් මහජනතාව ඒ පිළිබඳ විස්තර නොදන්නා බවයි.