
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 50.3හි උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ දී සියයට 35.3 දක්වා පහළ යෑමක් වාර්තා කර ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, පුරෝකථනවලට සාපේක්ෂව, වාර්තා වූ උද්ධමනය පහළ මට්ටමක පැවතීම සඳහා නිතර මිල උච්චාවචන සහිත ආහාර අයිතම සහ ආහාර නොවන අයිතමවල මිල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ලෙස පහළ යෑම හේතු විය.
ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ පැවති සියයට 47.6හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 30.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ පැවති සියයට 51.7හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 37.6 දක්වා පහළ ගොස් තිබේ. කො.පා.මි.ද. (2021=100) ශ්‍රේණියේ මෙතෙක් වාර්තා වූ වැඩිම මාසික පහළ යෑම 2023 අප්‍රේල් මාසයේ දී දක්නට ලැබුණු අතර එය සියයට -1.39ක් විය. ඊට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසික පහළ යෑම වන අතර, එම දායකත්වය සියයට -1.37ක් විය.
මේ අතර, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්ද මාසිකව සියයට 0.02කින් පහළ ගියේය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය, 2023 මාර්තු මාසයේ පැවති සියයට 39.1හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 27.8 දක්වා පහළ ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart