
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනුලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය.
කේ.ඩබ්ලිව්.කණ්ඩම්බි 2024 මාර්තු 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත්කරන ලෙස ද අභියාචනාධිකරණය මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් කළේය.
විනිසුරු මඬුල්ල එම නියෝගය කළේ, අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.
පෙත්සම වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූවේය.
නඩු විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කියාසිටියේ, තම සේවාදායකයා සිවිල් ඉංජිනේරුවරයකු වන අතර ඔහු වසර 23කට ආසන්න කාලයක් මාර්ග සංවර්ධන අධිකාරියේ පලපුරුදු සේවකයෙකු බවයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර ඊට සහභාගී වූ පෙත්සම්කාර සිය සේවාදායකයා ලකුණු 61 ක් ලබාගත් බව ඔහු පෙන්වාදුන්නේය.
එහෙත් තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් එස්.එම්.පී. සූරියබණ්ඩාර එම තනතුර සඳහා පත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය 2024 මාර්තු 05 වැනිදා තීන්දු කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් පුද්ගලයකු එම ධූරය සඳහා පත්කිරීම නීතියට පටහැනි බැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සඳහන් කළේ, මෙම පත්කිරීම සිදුකිරීමේදී වගඋත්තරකරුවන් පත්වීම් පටිපාටිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවයි.
ඒ අනුව, එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කරමින් අභියාචනාධිකරණ එම නියෝගය නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart