
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් සිව්දෙනාම ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් තබනු ඇති බවත්, එය පත්කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතම තේරීම් කමිටු කණ්ඩායම වනු ඇති බවත්, වාර්තා මගින් සඳහන් කරයි.
උපුල් තරංග (අවුරුදු 38) එම කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී අලුතින් පත් වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නම් කරන ලදී.
දැනට ප්‍රකාශිත ආකාරයට සිව්දෙනකුගෙන් යුත් පිහිටුවීමට අපේක්ෂිත එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ දිල්රුවන් පෙරේරා (41), අජන්ත මෙන්ඩිස් (38) සහ තරංග පරණවිතාන (41) ය.
කෙසේවෙතත් බරපතල චෝදනාවන්ට ලක්ව මේ වන විට පවතින ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න යන අයද නව කමිටුවට ඇතුළත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart