
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යළි දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් වන එම්.ටී.එම්. ලෆාර් සහ පී.කුමාරරත්නම් විසින්, මාතලේ මහාධිකරණ නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් උපුල් තරංග ගොනුකළ රිට් පෙත්සමක් සළකා බලමින් මෙම නියෝගය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග, තරග පාවාදීමේ නඩුවක සාක්ෂිකරුවකු ලෙස අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට මාතලේ මහාධිකරණය පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා වරෙන්තු නිකුත් කර තිබිණි.
එක්සත් ජනපදයේ ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටින තරංගට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart