January 23, 2026

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් හාරකෝටි හැට ලක්ෂක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසම සඳහන් කළේය.

අනූෂ පැල්පිට අද (23) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.