November 8, 2023

පාර්ලිමේන්තු මැතිවරණයකින් වාමාංශික ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ආසන 113ක් ලබාගැනීමට නොහැකි වුවහොත්, වෙනත් පක්ෂවල තනි මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගැනීමට සිදුවිය හැකි බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමින් ඔහු කියාසිටියේ, මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ ඡන්දදායකයන් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කර ඇති බව නම්, එම තීන්දුවට ගරු කිරීමට පක්ෂය බැඳී සිටින බවයි.

“ඡන්දදායකයන් උත්සාහ කළේ අපට බලය ලබාදීමට මිස මුරකරුගේ භූමිකාවට පණ දීමට නෙවෙයි. කෙසේ හෝ අපට ආසන 113ක් ලබා ගැනීමට නොහැකි වුණොත්, අපට එකඟතාවකට යෑමට සිදුවනු ඇතැයි සිතනවා, නමුත් ඒ අනෙක් පක්ෂ සමඟ නෙවෙයි , සමහර තේරීපත්වූ මන්ත්‍රීවරුවැන් සමගයි. ජනතාවගේ කැමැත්ත ආණ්ඩුවක් පිහිටුවීම නම් එය නොසළකා හැරීමට අපට අයිතියක් නැහැ. අපිට ආණ්ඩුවක් දෙන්න හැදුවත් අපිට 113ක් දෙන්න බැරි වුණා. ඒක ඉෂ්ට කරන්න අපි උපාය මාර්ගයක් හදන්න ඕනෑ.” දිසානායක පැවසීය.

ජාජබ නායක අනුර කුමාර දිසානායක වදිදුරටට්ත් පවසන්නේ, කෙසේවෙතත්, 2024 ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට ඇති ඉඩකඩ අඩු බවයි.

ඔහුට අනුව, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය නොවන අතර එසේ කිරීම ජනාධිපතිවරණ අවස්ථාවට අහිතකර ලෙස බලපානු ඇත.

පළාත් පාලන මැතිවරණයක් වුවද ඡන්දදායක හැඟීම් පිළිබිඹු කරන අභියෝගයක් බවට පත්වන බව ඔහු පැවසීය.

අනෙක් අතට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුදයක සිටින බවද ඔහු පැවසීය.