
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය ආර්ථික කමිටු අතර යෝජිත විවාදයට මෙතෙක් එකඟ නොවීම හේතුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර මේ සතියේ පැවැත්වීමට නියමිත විවාදය අවිනිශ්චිත වී තිබේ.
සමගි ජන බලවේගය විසින් යෝජනා කරන ලද ජුනි 6 වැනි දින පක්ෂ දෙකේ නායකයන් අතර ප්‍රසිද්ධ විවාදය පැවැත්වීමට ජාතික ජන බලවේගය මෑතකදී එකඟ විය.
කෙසේවෙතත්, ඔවුන් පක්ෂ ආර්ථික කමිටු අතර විවාදය ගැන සඳහන් කර නොතිබිණි.
ජූනි 6 වැනිදාට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ප්‍රේමදාස-දිසානායක විවාදයේ අපේක්ෂිත දිනයේ සිදුවීමේ සම්භාවිතාව පිළිබඳ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසන්නේ ආර්ථික කමිටු අතර විවාදයට ජාතික ජන බලවේගය තවමත් එකඟ වී නොමැති නිසා විවාදය පැවැත්වීමට ඉඩක් නොමැති බවයි.
“අපි ඔවුන්ට පැහැදිලිවම දැනුම් දී තිබෙනවා, අපිට විවාද දෙකම පවත්වන්න අවශ්‍යයි. දෙකම එක දවසක පවත්වන්න බැහැ, නමුත් දෙකටම දින තීරණය කර නායකයන්ගේ විවාදය පළමුව පැවැත්විය හැකියි. ජාතික ජන බලවේගය මෙයට එකඟ නොවීමෙන් අදහස් වන්නේ ඔවුන්ට ආර්ථික කමිටුවක් හෝ ආර්ථික වැඩපිළිවෙළක් නොමැති බවයි. එම නිසා අපිට එක විවාදයක් පමණක් පැවැත්විය නොහැකියි,” යනුවෙන් ඔහු ප්‍රකාශකර තිබේ.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ සමගි ජන බලවේගය විසින් යෝජනා කරන ලද දින පහ අතරින් ජාතික ජන බලවේගය විසින් දිසානායක සහ ප්‍රේමදාස අතර විවාදය සඳහා ජුනි 6 වැනිදා තෝරා ගත් බවයි.
විවාදය පැවැත්වෙන ස්ථානය, වේලාව සහ විෂය පිළිබඳ වැඩිදුර සාකච්ඡා සමගි ජන බලවේගයේ නියෝජිතයා සමඟ පවත්වන බව ඔහු පැවසූ නමුත් පක්ෂවල ආර්ථික කමිටු අතර විවාදය ගැන කිසිවක් සඳහන් කර නොතිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart