
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් අතර පැවැත්වෙන විවාදයක් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට ගිලිහී යමින් තිබේ.
ඒ, යෝජිත විවාදයට සූදානම් වීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බැවිනි.
ජාතික ජනබලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විවාදයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරයි.
ඔහු පවසන ආකාරයට, විවාදය වෙනුවෙන් සමගි ජනබලවේගයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසා ඇත්තේ, එහි කටයුතු සම්පාදනය කළ හැක්කේ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බවයි.
එහෙත්, නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පවසා ඇත්තේ, යෝජිත විවාදය ප්‍රමාද කළේ ජාතික ජනබලවේගය බවයි.
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර විවාදය එක් රූපවාහිනි නාලිකාවක් ඔස්සේ පවත්වනවාද නැතහොත් එම විවාදය සඳහා සියලුම රූපවාහිනී නාලිකාවලට ආරාධනා කරනවාද යන්න දෙපාර්ශවය විසින් තීරණය කර නොතිබිණි.
කෙසේවෙතත්, මැතිවරණයට පෙර, විවාදය පැවැත්වීමෙන් තම පාර්ශ්වයට සිදුවන අවාසිය සැලකිල්ලට ගෙන විවාදය ඉදිරියට ගෙන යෑමට ඔවුන් උනන්දු නොවන බව දෙපාර්ශවයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart