
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ ජුනි 6 වැනිදා යෝජිත විවාදයට සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සූදානම් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.
ඔහු ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ විවාදයට අදාළ කටයුතු මෙහෙයවීම සඳහා සජබ විසින් පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සමඟ විවාදය පැවැත්වෙන ස්ථානයක්, වේලාව සහ විෂය පථය නුදුරේදීම තීරණය කරන බවයි.
නායක දෙපළ අතර විවාදය ජුනි 3, 4, 5, 6 හෝ 7 යන දිනවල පැවැත්විය යුතු අතර ආර්ථික විශේෂඥයන් අතර විවාදය මැයි 27, 28, 29, 30 හෝ 31 යන දිනවල පැවැත්වීමට මීට පෙර සජබ යෝජනා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart