
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරක්ෂා කළ යුතු බවට බෞද්ධ පූජකවරුන්ගේ විවිධ පාර්ශවයන් සිය කනස්සල්ල පළරර ඇති බව ජාතික භික්ෂු පෙරමුණේ මහලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අද පැවැසූහ.
ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, දූෂිත දේශපාලඥයින් බලය වෙනුවෙන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයකට යොමුවිය හැකි බවයි.
“ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ආරක්ෂා කළ යුතුයි. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු අනුර කුමාර ආරක්ෂා කළ යුතු බවට කරුණු දැක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා යෝජනා කළා, හැමෝම ඉදිරියේ ප්‍රසිද්ධියේ පෙනීනොසිට ඔහුගේ දේශන පවත්වන්න පුළුවන්ද කියලා. මේ දූෂිත දේශපාලකයන් බලය වෙනුවෙන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයක් කරන කාලයක ඔහුව ආරක්ෂා කළ යුතුයි.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart