
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති TSUGE Yoshifumi අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදුවිය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලද අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා විසින් අනුර කුමාර දිසානායකගේ ජපාන සංචාරය පිළිබඳව සුබපැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබිණි.
මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ Tsutsumi Taroසහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ IWASE Kiichiro ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයෝ කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart