
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණය අවසන් වූ විගස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෑතකාලීනව ගත් තීරණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයෙන් පසු ගත් තීරණවලට සමාන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ විගස ඔහුත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 993ක් අනෙකුත් දෙපාර්තමේන්තුවලට බෙදා දුන්නා. දිවා විවේකයට වෙන් කරන කාලයත් අඩු කරලා, කිරි තේ වෙනුවට ප්ලේන් ටී දීලා, ජනාධිපති මන්දිරය වෙනුවට පුංචි ගෙදරක තමයි පදිංචි වෙලා හිටියේ” යැයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මහජනතාවගේ දැඩි අපේක්ෂාවන් මත රජයක් නිර්මාණය වුවද එවැනි රජයක් ඉදිරියට ගෙන යෑම දුෂ්කර බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ ගෝඨාභය රාජපක්ෂට සිදුවූයේ එයම බව කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කළ සියලු දෙනා සමඟ සන්ධානගත වෙමින් පුළුල් විපක්ෂයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා අනාවරණ කළේය.
ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
රනිල් වික්‍රමසිංහ සන්ධානයේ ප්‍රධානියා වුවද මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ඔහු දැනටමත් දන්වා ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart