
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන්ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටු රැස්වීම්වලට සහභාගිවීම තේරුමක් නැති ක්‍රියාවක් බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වත්මන් කෝප් කමිටු සභාපතිවරයාට වංචා දූෂණ චෝදනා තිබෙන බවත්, එබැවින් ඔහු කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද අද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ වන විට රෝහිත අබේගුණවර්ධනගේ සභාපතිත්වය ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරු 10 දෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart