
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 49 හැවිරිදි පුද්ගලයකු ඊයේ රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදී මියගිය බව පොලිසිය පවසයි.
ඔක්තෝබර් 05 වැනිදා කදාන පොල්පිතිමුකලාන ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කඳාන පොලිසියේ නිලධාරීන් නිවසක් වටළා ඇති බව පොලිසිය සඳහන් කරයි.
වැටළීමේදී සැකකරු පොලිසියට වෙඩි තබා ඇති අතර පොලිසිය කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු මියගොස් තිබේ.
අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ සිරුර කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
සිදුවීම සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart