June 19, 2025

ඉරානය විසින් ඊශ්‍රායලයේ රෝහලක් අසලට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තා රැකබලාගන්නියක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවැසීය.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ තැබු සටහනක් ඔස්සේ ඔහු සඳහන් කළේ, ටෙල් අවිව් හි බියර්ෂෙබා රෝහලේ සිය රෝගියාට ප්‍රතිකාර කරමින් සිටියදී රෝහල අසලට එල්ලවු මිසයිල ප්‍රහාරයෙන් එම කාන්තා රැකබලාගන්නිය තුවාල ලබා ඇති බවයි.

ඇය දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඇයට සහාය වීම සඳහා තානාපති කාර්යාලයෙන් කණ්ඩායමක් යවන බවත් ඔහු තවදුරටත් පවසා ඇත.