
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාවේදී තවත් සීක් බෙදුම්වාදියකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව සහ ඉන්දියාව අතර දැනටමත් නිර්මාණය වී ඇති උණුසුම් වූ රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් මධ්‍යයේ මෙම සිදුවීම සිදුව තිබේ.
ඉන්දීය ජන මාධ්‍ය පවසන්නේ වෙඩි තැබීම් දෙකම කල්ලි එදිරිවාදිකම්වලට සම්බන්ධ බවයි.
හින්දුස්ථාන් ටයිම්ස් පවසන්නේ, “කැනඩාවේ බුද්ධි තොරතුරුවලින් පෙනී යන්නේ බදාදා රාත්‍රියේ අන්තර් කල්ලි එදිරිවාදිකම්වලදී මෝගා දිස්ත්‍රික්කයේ ඩවින්දර් බම්බිහා කල්ලියේ සුක්දූල් සිං හෙවත් සුඛා දුනේකේ මරා දමා ඇති බවයි. තහවුරු නොකළ වාර්තා පවසන්නේ කැනඩාවේ විනිපෙග්හිදී ඔහු ඝාතනය කර ඇති බවයි. මෙය ජුනි 19 වැනිදා සරේ ප්‍රාන්තයේදී ත්‍රස්තවාදී හර්දීප් සිං නිජ්ජාර් මැර කල්ලි යුද්ධයකදී ඝාතනයට සමානය. යනුවෙනි.
දුනේකේ නැමැත්තා 2017 දී ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණ ඇත.
ඔහුට එරෙහිව ඉන්දියාවේ අපරාධ නඩු හතක් ලියාපදිංචි කර ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart