
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට බලපෑ දරුණු කුණාටුවෙන් සිදු වූ මහා විනාශයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු ආධාර ඉල්ලීමක් අනුව, පාකිස්ථානය විපතට පත් ජනතාව සඳහා සහන සැලසීමේ කටයුතු තීව්ර කර තිබේ.
එරට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංකාවේ මානුෂීය සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට 47 දෙනෙකුගෙන් යුත් සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ හමුදා කණ්ඩායමක් සහ අත්‍යවශ්‍ය උපකරණ ටොන් 6.5ක් අද අලුයම පාකිස්ථාන ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයකින් පිටත් කර ඒවා තිබිණි.
පිටත්වීමේ උත්සවයට එරට මධ්‍යම රජයේ අමාත්‍ය ආචාර්ය තාරික් ෆසාල් චෞද්රි, ලුතිනන් ජෙනරාල් ඉනාම් හයිඩර් මලික්, සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න සහභාගී වූහ.
පාකිස්ථානය තුළ සහ විදේශයන්හි ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා එරට ජාතික ආපදා කළමනාකරණ ආයතනය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව ආචාර්ය චෞද්රි නැවත තහවුරු කළේය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පාකිස්ථාන ජනතාවට සහ රජයට මෙම කාලෝචිත සහාය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කළේය.
අගමැති ෂරීෆ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබිණි.
ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව ඇතුළු සුළි කුණාටුවෙන් පීඩාවට පත් අනෙකුත් රටවල් සම්බන්ධයෙන් ද ඔහු අවධානය යොමුකර තිබිණි.
පාකිස්ථාන ජාතික ආපදා කළමනාකරණ ආයතනය කොළඹ සහ ලාහෝර් අතර ක්‍රියාත්මක වන ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා සහනාධාර භාණ්ඩ එවීමට කටයුතු කර ඇති අතර, මුහුදු මාර්ගයෙන් ටොන් 200ක සැපයුම් යොමුකර තිබේ.
සහන ද්‍රව්‍ය අතර කූඩාරම්, බ්ලැන්කට්, ඇඳ ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළදරු කිරි පිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් වේ.
පාකිස්ථාන නාවික හමුදා නැව් සහ හෙලිකොප්ටර් යානා අඛණ්ඩ සහන මෙහෙයුම්වල ක්‍රියාකාරීව නිරත වන අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සහ ප්‍රවේශ මාර්ග සඳහා පාකිස්ථාන හමුදාවෙන් තාවකාලික පාලම් එවා ඇත.
මානුෂීය සහයෝගය සහ කලාපීය සහයෝගීතාව සඳහා දිගු කාලීන කැපවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට පාකිස්ථානය පොරොන්දු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart