
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ නොවිසඳුණු විදුලි බිල සම්බන්ධයෙන් විමසා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස පැහැදිලි කිරීමේ ලිපියක් විදුලිබල මණ්ඩලය මන්ත්‍රීවරයා වෙත යැවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.
රුපියල් මිලියන 2.6ක නොගෙවූ විදුලි බිලක් පිළිබඳව පැතිරී යන කතාවට ප්‍රතිචාර වශයෙන්, මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ලංවිම සභාපතිවරයාට යවන ලද ලිපියේ, එම චෝදනා අපහාසාත්මක සහ හෙළාදැකීමක් ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
තම නමින් හෝ තම පියාගේ නමින් එවැනි කිසිඳු බිලක් තමන්ට ලැබී නොමැති බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය වහා පැහැදිලි කිරීමක් කළ යුතු බවත්, මන්ත්‍රීවරයා සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා විසින් එවැන්නක් ඉල්ලා ඇති බැවින්, අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ ලිපියක් ඉදිරියේදී යොමු කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසයි.
නාමල් රාජපක්ෂ 2019 වසරේ සිය මංගල උත්සවයට අදාළ විදුලි බිල සඳහා වන රුපියල් මිලියන 2.6 ක හිඟ මුදලක් ගෙවිය යුතු බව, තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ තමන් කළ විමසීමකට පිළිතුරු ලෙස ලංවිම තමාට දැනුම්දුන් බව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ සභික නලින් හේවගේ පැවැසීය.
ඒ අනුව, මන්ත්‍රීවරයා විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ, අදාළ විදුලි බිල පිළිබඳ තොරතුරු හෙළි කර ඒවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාට ලබාදෙන ලෙසටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart