
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩුදුන් නඩුවෙන් අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ද ඉවත්ව තිබේ.
එහි සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ද අද එම නඩුව විභාග කිරීමෙන් ඉවත් විය.
ඉන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්න විසින් මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට මාරු කරන ලදී.
මෙම අවස්ථාවේදී විනිසුරු ධම්මික ගනේපොලද පෞද්ගලික හේතුවක් සඳහන් කරමින් පෙත්සම් විභාගයෙන් ඉවත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart