
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියකු මියයෑමත් සමග රට පුරා බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ යළි බරපතළ අවධානයක් යොමුව තිබේ.
හෙරොයින් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් ජනවාරි 09 වැනිදා අත්අඩංගුවට ගත් 60 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය ඉරිදා (14) කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) මියගොස් ඇත.
අසනීප වීම හේතුවෙන් කළුතර බන්ධනාගාරයේ රැඳවියකු මියගිය තෙවැනි අවස්ථාව මෙය වන අතර, එම මරණයට හේතුව පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ සමග කළුතර බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ගේ සමස්ත සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart