
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයේ නර්සිංඩි හිදී සිය සේවා ස්ථානයේ නිදා සිටියදී 23 හැවිරිදි හින්දු තරුණයෙකු පිළිස්සී මිය ගොස් සිටියදී හමුවී තිබේ.
මෙම ඝාතනයක් බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් ඇතැමුන් පවසා ඇත්තේ ගරාජයක සේවය කළ වින්දිත තරුණයා ඉකුත් 23 වනදා රාත්‍රියේ එම ගරාජයේ නිදා සිටියදී කිසියම් පිරිසක් පැමිණ එම ගරාජයට ගිනි තබා ඇති බවයි.
ගරාජයේ තිබූ ඉන්ධනවලට ගිනි ඇවිලීමෙන් එම ගින්න ගරාජය පුරා පැතිර යාම හමුවේ අදාළ තරුණයා මිය ගොස් ඇතැයි පැවසේ.
තම පියාගේ මරණයෙන් පසු රෝගී මව, ආබාධිත වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරයා රැකබලා ගනිමින් චන්චල් ඔහුගේ පවුලේ එකම ආදායම් උපයන්නා වූ අතර ඔහු පසුගිය වසර හය තුළ නර්සිංඩි හි ප්‍රාදේශීය ගරාජයක සේවය කර එහි ජීවත් වූ බව වාර්තා වේ.
පවුලේ අය සහ අසල්වාසීන් විශ්වාස කරන්නේ මෙම ඝාතනය කලින් සැලසුම් කරන ලද්දක් සහ එය ආගමික වෛරයේ පෙළඹීම මත සිදු කර ඇති බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart