
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් පසු අසාත්මික තත්ත්වයක් හටගෙන මියගොස් තිබේ.
කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී පවසන්නේ රෝගියාගේ මරණයට හේතුව රෝගියාගේ සිරුරේ තිබූ ප්‍රතිජීවක ඖෂධ බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් හෙළි වූ බවයි.
ප්‍රතිජීවක ඖෂධ මීට පෙර 13 වතාවක් රෝගියාට ලබා දී ඇති අතර, 14 වැනි වරටත් එම ඖෂධය ලබාදීමේදී ඔහුට අසාත්මිකතා ඇතිවී තිබෙන බව පැවැසේ.
මියගිය පුද්ගලයා සිරෝසිස් රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය ජූලි 10 වැනිදාය.
ඔහුට ජූලි 17 වැනි දින අසාත්මිකතාවයක් ඇති වූ අතර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජූලි 18වැනිදා මියගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart