
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා මුලික වටයේ 6 වැනි තරගයට සහභාගී වූ ශ්රී ලංකාවේ තරුෂි කරුණාරත්න එහි අටවැනි ස්ථානය දිනාගත්තාය.
ඒ මිනිත්තු 2යි තත්පර 7යි දශම 7යි 6ක දක්ෂතාවයක් දක්වමිනි.
තරුෂි එම තරගය සදහා සහභාගී වූ ක්රීඩිකාවන් අතරින් ළාබාලතම ක්රීඩිකාවයි.
ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට පැරිස් ඔපිම්පික් උළෙලේදී තෝරාගත් ධාවන ඉසව් කිහිපයක මූලික වටයේ තරගවලින් ඉවත් වන ක්රීඩක ක්රීඩිකාවන් සඳහා අවසන් පූර්ව වටයට පිවිසීමට රෙපර්චාජ් (Repechage) නම් තරග අවස්ථාවක් හිමිව තිබේ.
ඒ අනුව අද පැවැත්වෙන එම තරග වටයේදී ප්රදර්ශනය කරන දක්ෂතා අනුව අවසන් පූර්ව වටයට පිවිසීමට තරුෂිට අවස්ථාව හිමිවනු ඇත.
මෙම රෙපර්චාජ් වටය අද ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2. 45ට ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart