
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොට්ටාව ප්‍රදේශයේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් තුළ තිබී ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන කාර් රථයක් කොට්ටාව පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ ගරාජ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ කඩදාසි කොළයක ලියූ අංකයක් සහිතව ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ රියදුරකු බව කියන පුද්ගලයකු විසින් මෙම වාහනය ගරාජයට ගෙනවිත් දමා ඇති බවයි.
ඇන්ජිමේ දෝෂයක් නිරවුල් කර ගැනීමට බව පවසමින් මෙලෙස වාහනය ගරාජයට ගෙනැවිත් දමා ඇති බව පොලිසිය පවසයි.
මෙම වාහනයේ සැබෑ හිමිකරු සොයා කොට්ටාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart