
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා වන සේවා ගිවිසුම් ලබාගැනීම වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එරට කෘෂිකර්මාන්ත ඇමැතිවරයා හමුවීමට තමන් බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා වෙනුවෙන් පිටත්ව යන ශ්‍රමිකයන් 95 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයේදීය.
මේ වනවිට කෘෂි අංශයේ රැකියා ඊශ්‍රායලය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 602ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් 54 දෙනෙක් සඳහා ද ගුවන් ටිකට්පත් ලබාදෙනු ලැබීය.
ඊට කාන්තාවන් 49 දෙනෙක් සහ පිරිමි සාත්තු සේවකයන් 5 දෙනෙක් ඇතුළත් වේ.
මෙම පිරිස ලබන 21 හා 22 යන දින දෙකේදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
ද්විපාර්ශ්වික ගිවිසුමක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යවනු ලබන අතර මේ වන විට සාත්තු සේවක අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 1070ක් පිටත් කර යවා තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවක ශ්‍රමිකයන් පන්සියයක් සඳහා වන ගිවිසුම් අත්සන් කර ඇති නමුත් එම සංඛ්‍යාව ඉක්මවා ශ්‍රමිකයන් පිරිසක් පිටත් කර යැවීමට හැකියාව ලැබී ඇති බව ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් වෙනුවෙන් වන පුහුණු වැඩසටහන් ද මේ වන විට ආරම්භ කර ඇතැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart