
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැළකිලිමත් විය යුතු බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රකාශවී තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූ අතර එම අධිකාරියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව කමිටුව හමුවේ ඉදිරිපත්කිරීමක් සහිතව පැහැදිලි කිරීම එම නිලධාරීන් විසින් සිදුකර ඇත.
මේ අනුව මෙහිදී නව නිවෙසක් සැකසීමේදී එම නිවසේ සූර්ය පැනල සවිකිරීමට ස්ථානයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමුව තිබේ.
මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වාදී ඇත්තේ, මේ වන විට පළාත් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බවත් බස්නාහිර සහ වයඹ පළාත්වල මේ වන විට මෙම දැනුවත් කිරීම් ආරම්භ කොට ඇති බවයි.
එහෙත් ගුප්ත විද්‍යාව මත පදනම්ව මරු සිටින දිශාව පිළිබඳ ජනතාව සැළකිලිමත් වුවත් හිරු සිටින දිශාව පිළිබඳ සැලකිලිමත් නොවන බන මෙහිදී නිලධාරීන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
සූර්ය පැනල සවිකිරීමේදී මෙම තත්ත්වය ගැටලුවක් වී ඇති බවත් ඔවුහු සඳහන් කර ඇත.
මේ නිසා මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් ජනතාව දැනුවත් කර සූර්ය පැනල සවි කිරීම සම්බන්ධයෙන් ජනතාව උනන්දු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart