
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අබුඩාබි T 10 තරගාවලියේදි කඩුලු ත්රිත්වයක් ලබාගැනීමට සමත් ව තිබේ.
නොර්දන් වොරියස් කණ්ඩායමෙි නායකයා ලෙස කටයුතු කරන මැතිව්ස් එම කඩුලු ත්රිත්වය ඊයේ ලබාගෙන ඇත්තේ සම්ප් ආමි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීය.
නොර්දන් වොරියස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර 10ට කඩුලු 05ක් දැවී ලකුණු 103ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ සම්ප් ආමි කණ්ඩායමට යොමුකළ අවසන් පන්දුවාරයේදී මැතිව්ස් මෙම කඩුලු ත්රිත්වය ලබාගෙන ඇත.
මොයින් අලි, බැසිල් හමීඩ් සහ කයිස් අහමඩ් එහිදී මැතිව්ස් ඉදිරියේ දැවීගොස් තිබූ අතර, ඒ අනුව සම්ප් ආමි කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 94ක් පමණක් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart