
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුබෑම පිළිබඳ තුන්ඉරියව් ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් ජාතියෙන් සමාව ඉල්ලා තිබේ.
ශ්‍රි ලංකා කණ්ඩායම තරගාවලියේ මුලික වටයේ සහභාගි වන අවසන් තරගය නෙදර්ලන්තය සමග හෙට බටහිර ඉන්දිය කොදෙව්වල සාන්ත ලුසියාහිදී පැවැත්වීමට නියමිත අතර, එම තරගය සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් මෙලෙස ශ්‍රී ලාංකිකයන්ගේ සමාව ඉල්ලා සිටියේය.
තරගාවලියේ මූලික වටයේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ හමුවේ පරාජයට පත්වීම මෙන්ම, නේපාල තරගය වර්ෂාවෙන් සේදී යෑමත් හේතුවෙන් සුපිරි අටදෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව නොලැබී ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්ව යෑමට සිදුවිය.
ශ්‍රි ලංකා පිලේ වගකිම් විරහිත පිතිහරඹය ඊට බලාපෑ අතර නායක වනිදු හරසංගට ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්විය.
කෙසේවෙතත් එම විවේචනයන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ගෞරවය බේරාගන්නට ලැබෙන අවසන් අවස්ථාව නෙදර්ලන්තය හමුවේ පවතින අතර, එම තරගය මෙරට වේලාවෙන් හෙට පෙරවරු 6.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart