
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව්වන් සඳහා අවස්ථා දෙකකදී T20 ලෝක කුසලානය දිනාදීමට දායකත්වය දැක්වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිත බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
37 හැවිරිදි රසල් ඕස්ට්‍රේලියානු තරගාවලිය සඳහා වන වින්ඩීස් විස්සයි20 සංචිතයට නම්කර සිටින නමුත් ඔහුගේ ආරම්භක පිටිය වන ජැමෙයිකාවේ සබීනා පාර්ක් හි පැවැත්වෙන ආරම්භක තරඟ දෙක රසල්ගේ අවසන් තරඟ වනු ඇත.
2011 දී පාකිස්ථානයට එරෙහිව සිය මංගල පන්දුවාර 20 තරගය ක්‍රීඩා කළ රසල්, 2019 සිට T20 තරග සඳහා පමණක් ක්‍රීඩා කර ඇත. අන්තර්ජාතික T20 තරඟ 84කදී රසල් ලකුණු 1078ක් ලබාගෙන ඇත්තේ 163.08ක ප්‍රහාරක වේගයක් ද රඳවාගනිමින්ය.
ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 61 කි.
ඉන්දියන් ප්‍රිමියර් ලීගය, බිග් බෑෂ් ලීගය සහ ‘ද හන්ඩ්‍රඩ්’ යන තරඟාවලි ඇතුළුව රසල්, T20 ලීග 12ක් නියෝජනය කර තිබේ.
ඔහු 2012 සහ 2016 වසරවල බටහිර ඉන්දීය කොදෙව් T20 ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතයේ සාමාජිකයකු වුවද, 2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරඟ සඳහා සහභාගී නොවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart