
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිසුන් වෙනුවෙන් නීතිය ක්රියාත්මක වෙන අයුරු අප දැක තිබුණද, අසරණ තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් ලබාදුන් සුවිශේෂී තීරණයක් පන්නිපිටියෙන් වාර්තා වේ.
වීථි සුනඛ ධේනුවක් මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ඒ සැකකාර කාන්තාව හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඉකුත් 14 වැනිදා පන්නිපිටිය අඹගස්දූව ප්රදේශයේදී අදාළ කාන්තාව හිතා මතාම සිය මෝටර් රථයට යටකර එම සුනඛ ධේනුව ඝාතනය කර ඇති බව CCTV දර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ප්රදේශයේ සියලුදෙනාගේම ආදරය හා කරුණාව දිනාගත්, ‘බ්ලැකී’ යන ආදර නාමයෙන් හැඳින්වූ මෙම සුනඛ ධේනුවගේ මරණය සම්බන්ධයෙන් ප්රදේශවාසීන් කොට්ටාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart