
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව මුහුණ දුන් දීර්ඝකාලීන යුද්ධය, කොවිඩ්-19 වසංගතය, දරුණු ආර්ථික අර්බුදය සහ නිතර ඇතිවන ස්වාභාවික ව්‍යසන හේතුවෙන් මෙරට බොහෝ ජනතාව බහුවිධ මානසික කම්පනයන්ට සහ දැඩි අලාභහානිවලට ගොදුරු වී සිටින බවත්, අලුතින් ඇතිවන අර්බුද හමුවේ ඔවුන් අතීතයේදී විඳි මානසික පීඩා නැවත මතු වන බවත් නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
“ශ්‍රී ලංකාවේ ව්‍යසන ආශ්රිත මානසික කම්පන සහ අලාභහානි කළමනාකරණය” යන මැයෙන් සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව, ව්‍යසනයන්ගෙන් සිදුවන මානසික බලපෑම හුදකලා සිදුවීම් ලෙස සැලකිය නොහැක. මන්ද යත්, එක පිට එක පැමිණෙන මෙවැනි අර්බුද හමුවේ පුද්ගලයන්ගේ චිත්තවේගීය පීඩනය තවදුරටත් උග්‍ර වන අතර, ඉන් යථා තත්ත්වයට පත්වීම ද වඩාත් දුෂ්කර කරවයි.
කේරළ විශ්වවිද්‍යාලයේ මිතිලයිමාරන් තේවෙන්ද්රන් විසින් සිදුකරන ලද මෙම පර්යේෂණය සඳහා 2010 සහ 2025 අතර කාලය තුළ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකා, රජයේ ලේඛන සහ වාර්තා 25ක් අධ්‍යයනයට ලක් කර ඇත.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ අතීත අර්බුද සම්බන්ධ මානසික කම්පන ජීවිත හානි සහ තුවාල ලැබීම්වලට පමණක් සීමා නොවී, නිවාස, ජීවනෝපායන්, සාමාජික සබඳතා, මූල්‍ය සුරක්ෂිතභාවය මෙන්ම ජීවිතයේ පැවැති ස්ථාවරත්වය අහිමි වීම දක්වා ද පුළුල් ලෙස පැතිර පවතින බවයි.
අදාල අධ්‍යයනයට අනුව මීට පෙර ගැටුම්, අවතැන්වීම්, ආදරණීයයන්ගේ වියෝවන් හෝ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී ඇති පුද්ගලයන් තවත් අලුත් අර්බුදයකට මුහුණ දීමේදී වඩාත් සංවේදී සහ අවදානම් සහගත තත්ත්වයකට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.
‘දිට්වා’ සුළි සුළඟ ඇතුළු ආසන්න කාලයේදී සිදු වූ ව්‍යසන මගින්, අතීතයේදී විඳි කම්පන සහගත අත්දැකීම්වල මතකයන් සහ ඊට අදාළ චිත්තවේගීය ප්‍රතිචාර නැවත අවදි කිරීමට හේතු විය හැකි බව ද මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත.
විමර්ශනයට ලක් වූ පර්යේෂණාත්මක සාහිත්‍යය පුරා හඳුනාගෙන ඇති ප්‍රධාන මානසික බලපෑම් අතර කාන්සාව, විශාදය, බිය, චිත්තවේගීය වශයෙන් මුළුමනින්ම වෙහෙසට පත්වීම සහ අනාගතය පිළිබඳ පවතින අවිනිශ්චිතතාව ප්‍රධාන වන බව මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ.
එසේම, අර්බුද හමුවේ නොසැලී සිටීම සඳහා බොහෝ පිරිසක් පවුල, ආගමික වතාවත් සහ ප්‍රජා සබඳතා මත රැඳී සිටින අතර, තවත් පිරිසක් සමාජයෙන් අයින්වීම, හුදකලා වීම සහ හැඟීම් මඟහැර සිටීම වැනි ප්‍රතිචාර දක්වන බව ද එහි සඳහන් වේ.
මීට අමතරව, මානසික සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති බාධා තවත් විශාල අභියෝගයක් ලෙස පවතී. විශේෂයෙන්ම අවදානමට ලක්වූ සහ ව්‍යසනයන්ගෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා මානසික සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී පවතින සමාජීය මතවාද (මඩගැසීම්), මූල්‍ය දුෂ්කරතා, පුහුණු වෘත්තිකයන්ගේ හිඟය සහ සේවාවන් ඒකාකාරී ලෙස නොලැබීම ප්‍රධාන බාධක ලෙස හඳුනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart