
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට ඊයේ (24) මධ්‍යම රාත්‍රී 12 .25 ට පමණ රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අත්තිඩිය විකුම්පුර පදිංචි පොල්වත්තගේ නුවන් ජීවන්ත පීරිස් නමැති 28 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරුගේ වම් අතෙහි ඇඟිලි දෙකකට තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි.
බොරලැස්ගමුව බරලැස් ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා මියගිය තරුණයා තවත් පිරිසක් සමග ගොස් යළි නිවස කරා යාමට මාලනී බුලත්සිංහල මාවත ඔස්සේ පා ගමනින් යමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනකු ඔහුගේ පපු පෙදෙස මෙසේ වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය කියයි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංක නැමැත්තාගේ සමීපතමයෙක් වන (හර්ෂ කොටා) නැමැත්තකු සමග ගැටුමක් හටගෙන ඇති අතර, පසුව පොලිසිය මැදිහත් වී එය සමථයකට පත් කර ඇති බවද පැවසේ.
ඒ අනුව ඊට පළිගැනීමක් ලෙස බඩෝ විට අසංකගේ පාර්ශවයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවත්, මියගිය තරුණයා කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියෙකුගේ සමීපතමයෙකුගේ පුතෙකු බවට හඳුනාගෙන ඇති අතර ත්‍රීරෝද රථ රියැදුරෙකු බවත් පැවසේ.
වෙඩි තැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් භාවිත කොට උණ්ඩ හතරක් පමණ එල්ල කර ඇති බවට පොලිසිය සැක කරන අතර කිසිදු හිස් උණ්ඩයක් මහමග වැටී නොතිබූ බවද පොලිසියය කියයි.
සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart