
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උපදේශකවරයකු වන අනුර විරසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම සේවාදායකයා කරුණු හෙළිදරව් කළ බව සඳහන් කළේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් තම සේවාදායකයාගේ සේවය නීතිවිරෝධී ලෙස අත්හිටුවීමට කටයුතු කළ බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥවරයා සදහන් කරන ලදී.
නීතියට පටහැනි ආකාරයෙන් සිදුකෙරෙන එම විනය පරීක්ෂණය අත්හිටුවන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය පිළිගත් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම වාරණ නියෝගය නිකුත් කළේ, එය ලබන 29 වනදා දක්වා බලපැවැත්වෙන පරිදිය.
එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විත්තිකරුවන්ට නොතීසි යවන ලෙසත් විනිසුරුවරයා කළ නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart