
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරගලය සමයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයසූරිය මුදියන්සේලාගේ විමලරත්න (අවු.46) නැමැති අයයි.
මෙම සැකකරු නිවෙස්වලට ගොස් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරනු ලබන අයෙකි.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී සිටිමින් 2022.07.09 වැනි දින එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට සහ නිවස පිහිටි ඉඩමට අයුතුව ඇතුළුවීම හා එහි දේපළ සොරකම් කිරිම යන දණ්ඩ නීති සංග්‍රහයේ නීති වගන්ති කිහිපයක් යටතට ගැනෙන වරදවල් සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
සැකකරු 2024.02.06 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart