
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ දේශපාලන සිරකරුවන් ලෙස වර්ගීකරණය කර ඇති සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා දෙමළ සිරකරුවන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කරන සංගමයක් පසුගිය සඳුදා (30) උතුරේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.
යුද්ධය නිමා වී වසර 15ක් පුරා විවිධ බන්ධනාගාරවල දෙමළ දේශපාලන සිරකරුවන් 400ක් පමණ රඳවා සිටින බව ප්‍රකාශ කළ එම සංගමයේ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල ස්ථාන 29කදී ජනතාවට පෙත්සමට අත්සන් කළ හැකි බවයි.
ඔවුන්ගේ උත්සාහයට සහාය පළකරමින් අත්සන් 100,000ක් එකතු කිරීමට අදහස් කරන බව ඔහු පවසා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේදී කළ ප්‍රකාශය ගැන සඳහන් කරමින් ප්‍රකාශකයා පවසා ඇත්තේ, දෙමළ දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කරන බවට සහතිකයක් ලබා දී තිබුණද ඔවුන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් රජය කටයුතු කිරීම ප්‍රමාද කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart