
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් බිලියන 4.5ක හිඟ මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදන සමාගම් 11කට අනතුරු අඟවා තිබේ.
හිඟ ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත්තේ පසුගිය වසරට අදාළවය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසා ඇත්තේ, නැවත ගෙවීම සඳහා කාලසීමාවක් අවශ්‍ය නම් සාකච්ඡා කළ හැකි බවට සමාගම්වලට දන්වා ඇති බවයි.
ගෙවීම් ප්‍රමාදය සැළකිල්ලට ගෙන එම ගෙවීම් මාසිකව අයකර ගැනීමට දෙපාර්තමේන්තුව තීරණය කළ බව ද ඔහු පවසා ඇත.
ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන සමාගම් 25ක් තිබෙන බවත්, ඉන් 11ක පමණ ගැටලු ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.
මේ අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පවසා ඇත්තේ, මත්පැන් සමාගම් 15ක් පමණ බදු ගෙවීම පැහැරහැර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් පත් කළ බව ද ඇය සඳහන් කර ඇත.
ගෙවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන්ට අනතුරු ඇඟවීමේ ලිපි නිකුත් කරන බව ද ඇය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart