
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිය පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ වෙනස්කම් සිදුකරන බවට පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් Adani Green Energy SL Ltd පවසා ඇත්තේ, සමාගම විසින් කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට ඉදිරිපත් වී ඇති බවට වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සහ එවැනි ප්‍රකාශ පදනම් විරහිත බවයි.
“අදාළ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ස්ථාපිත කර ඇති පරිදි ගිවිසුමේ මුල් නියමයන් සඳහා අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා. Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති රාමුව වෙනස් වී නොමැත” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
Adani Green Energy SL Ltd වැඩිදුරටත් පවසන්නේ, සමාගම යෝජිත සුළං ව්‍යාපෘතියෙන් ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ ඒ පිළිබඳ යළි සළකා බලන්නේ නම්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාරගැනීමට සැමවිටම කැපවී සිටින බව Adani සමූහය නැවත තහවුරු කරන බවයි.
රටේ බලධාරීන් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 442 ක සුළං බල ව්‍යාපෘතියෙන් තවදුරටත් නිරතවීමෙන් ඉවත් වූ බව පෙබරවාරි මාසයේදී Adani සමූහය නිල වශයෙන් නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart