
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව දිගම රැවුල වවා එක්සත් ජනපදයේ මිචිගන් හි කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා ඇත.
38 හැවිරිදි එරින් හනිකට් නමැති මෙම කාන්තාව වසර දෙකක පමණ කාලයක සිට රැවුල වවා ඇත. ඊට පෙර ඇය රැවුල බෑමට පුරුදුවී සිටි බව වාර්තා සඳහන් කරයි.
ඇයගේ රැවුල දැන් සෙන්ටිමීටර 30 (අඟල් 11.81) ප්‍රමාණයකින් යුක්ත වන අතර, එය ජීවමාන කාන්තාවකගේ දිගම රැවුල සඳහා වූ ලෝක වාර්තාව නිල වශයෙන් බිඳදනා තිබේ.
මීට පෙර සෙන්ටිමීටර 25.5 ක් වූ (අඟල් 10.04) කාන්තා දිගම රැවුල් වාර්තාව 75 හැවිරිදි එක්සත් ජනපදයේම විවියන් වීලර් සතු විය.
එරින්ගේ රැවුල සම්පූර්ණයෙන්ම ස්වභාවික වන අතර, ඇය කිසිදු හෝර්මෝන හෝ පෝෂණ අතිරේක ගන්නේ නැත.
ඇයට පවතින polycystic ovarian syndrome (PCOS) නම් තත්වයක් හේතුවෙන් හෝමෝන අසමතුලිතතාව මත මෙලෙස අධික ලෙස රැවුල වැවෙන බව වාර්තා සඳහන් කරයි. PCOS යනු දරු ප්‍රසූතියේ වයසේ පසුවන කාන්තාවන් සඳහා බහුලව දක්නට ලැබෙන හෝමෝන ගැටලුවකි.
එරින්ගේ මුහුණේ රෝම වර්ධනය වීමට පටන් ගත්තේ ඇයට වයස අවුරුදු 13 දී ය.
ඇය රැවුල බෑම, වැක්ස් කිරීම සහ හිසකෙස් ඉවත් කිරීමේ නිෂ්පාදන භාවිතා කිරීම වැනි විවිධ ක්‍රම භාවිතා කර තිබේ.
“මම අවම වශයෙන් දිනකට තුන් වතාවක් රැවුල කපුවා” ඇය හෙළිකර ඇත.
අවසානයේ ඇය රැවුල බෑමෙන් වෙහෙසට පත්වූ බැවින්, මෙලෙස රැවුල වැවීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart