
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති මත්පැන් සාදයකට සහභාගී වූ ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකුට අයත් රාජකාරි ගිනි අවියෙන් නීති විරෝධී ජාවාරම්වල නිරත පුද්ගලයෙක් අහසට වෙඩිතබා ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව ගොකරැල්ල පොලිසිය සඳහන් කරයි.
මැල්සිරිපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි එම හෝටලයේදී පෙරේදා (26) රාත්‍රියේ මෙම වෙඩ තැබීම සිදු වී තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන සැරයන්වරයකු මෙම නීති විරෝධී ජාවාරම්කරුවා ඇතුළු පිරිස එක්ව එදින රාත්‍රියේ එම හෝටලයේ දී මත්පැන් සාදයක් පවත්වා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මත්පැන් පානයෙන් සැරයන්වරයා මත්වීමෙන් පසු ඔහු රැගෙන ගොස් තිබූ රාජකාරී පිස්තෝලය නීති විරෝධී ජාවාරම්කරුට ඇලබාදී ඇති බවත්, ඔහු එය හෝටලයෙන් එළියට රැගෙන ගොස් අහසට වෙඩි දෙකක් තබා ඇති බවත් වාර්තා වේ.
වෙඩි තැබීමෙන් අනතුරුව එක් හිස් උණ්ඩ කොපුවක් පමණක් සැරයන්වරයා සොයාගෙන තිබූ අතර, ඉතිරි උණ්ඩ කොපුව සොයාගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ජාවාරම්කරු එම පිස්තෝලයේ උණ්ඩ රදවනය ගලවා හෝටලයේ මුදල් අයකැමිවරයාගේ මේසය මත තබන ආකාරය මෙන්ම උණ්ඩ කොපුවේ රඳවා තිබෙන ජීව උණ්ඩ එකින් එක ගලවා නැවත පුරවන ආකාරය ද එහි සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශනවල පටිගතව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම සැකකාර ජාවාරම්කරුවා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මැල්සිරිපුර නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කරන සැකකරුට එරෙහිව ගංජා අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙන්ම පුද්ගලයන්ට පහරදීම සම්බන්ධයෙන්ද ගොකරැල්ල සහ මැල්සිරිපුර පොලිස් ස්ථානවල පැමිණිලි කිහිපයක් ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart