
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් ශ්‍රී ලංකාවට පැමිණීමටත්, එම සංචාරයේදී යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීම සඳහා මුල්ලිවයික්කාල් හි පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමටත් නියමිත බව වාර්තා වෙයි.
ඇග්නස් කැලමාර්ඩ් මැයි 16 සිට 24 දක්වා දකුණු ආසියානු කලාපයේ සංචාරය කරන බවත්, එය ඇයගේ පළමු දකුණු ආසියානු කලාපීය සංචාරය බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නිවේදනය කර තිබේ.
මැයි 18 වන දින ශ්‍රී ලංකාවේ මුල්ලිවයික්කාල් හි පැවත්වෙන උත්සවයකදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සන්නද්ධ ගැටුමෙන් අහිමි වූ සියලුදෙනා සිහිපත් කරන, යුද්ධයෙන් පීඩාවට පත් දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව සමඟ කැලමාර්ඩ් එක්වන බව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.
යුද්ධයේ අවසන් අදියරේ විපතට පත්වූවන් සිහිපත් කරන දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ. සංවිධානයද සමරන බවට ශ්‍රී ලංකා බලධාරීන් චෝදනා කරයි.
මේ සතියේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව 2009 වසරේ අවසන් වූ යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීම සඳහා කැඳ බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
කරෙයිතිව් නගරයේ මාර්ගවලට රැස් වූ ජනතාව ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරිණි.
ප්‍රදේශයේ ධීවර සංගම් සහ සිවිල් සමාජයද මෙම වැඩසටහනට සහයෝගය දක්වා තිබේ.
රටේ අනෙකුත් ප්‍රදේශවල මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය දැඩි පියවර ගෙන ඇත.
එල්.ටී.ටී.ඊ.ය සහ හමුදාව අතර වසර 30 කට ආසන්න යුද්ධයේ නිමාව ශ්‍රී ලංකාව මැයි 19 වැනිදා සමරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart