
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු විධායක නියෝග අතරට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත්කර ගැනීම සඳහා අත්සන් කර තිබේ.
කෙසේවෙතත් අමෙරිකාවේ මහජන සෞඛ්‍ය විශේෂඥයන් මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා සිටින්නේ, ට්‍රම්ප්ගේ තීරණය හේතුවෙන් ලොව ඊළඟ වසංගතයට එරෙහිව සටන් කිරීම දුෂ්කර කරනු ඇති බවයි.
ජනධිපාති ධූරයේ දිවුරුම් දී පැය අටකට පමණ පසු නිකුත් කළ විධායක නියෝගයක ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට හේතු පෙළක් සඳහන් කර තිබේ.
ඔහු චෝදනා කරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 වසංගතය වැරදි ලෙස හැසිරවීම සහ කඩිනමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට අපොහොසත් වීම් ඊට හේතුවූ බවයි.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අමෙරිකාවෙන් අසාධාරණ ගෙවීම් ඉල්ලා සිටින බව පැවසූ ට්‍රප්ම්, වැඩිදුරටත් පවසන්නේ චීනය ගෙවීම් සිදු කරන්නේ සාපේක්ෂ වශයෙන් අඩුවෙන් බවයි.
ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාකලාපය අනපේක්ෂිත සිදුවීමක් නොවන බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
ට්‍රප්ම් 2020 සිට කොරොන වයිරස් වසංගතයට එහි ප්‍රවේශය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාග් ප්‍රහාර එල්ල කළ අතර, එම සංවිධානයට අමෙරිකාව ලබාදෙන අරමුදල් අත්හිටුවන බවට ද තර්ජනය කළේය.
2020 ජූලි මාසයේදී ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට විධිමත් පියවර ගත් නමුත් ඔහු මැතිවරණයෙන් පරාජය වීම හමුවේ එය ක්‍රියාත්මක නොවීණි.
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම හේතුවෙන් එම සංවිධානය සපයන ගෝලීය දත්ත වෙත අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට ප්‍රවේශයක් නොලැබී යනු ඇත.
එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ තවත් විධායක නියෝගයකට අත්සන් තබා ඇති අතර ඒ අනුව අමෙරිකාව දෙවන වරටත් පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත්ව තිබේ.
අමෙරිකාව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් එක්සත් ජාතීන්ට දැනුම් දීමට පියවර ගත් බව ද සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart