
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් දැනුවත් පරිදි ලොව කිසිම රටක් නව තීරුබදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග ගිවිසුමකට එළඹ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ බදු සම්බන්ධයෙන් අමෙරිකාවට විසඳාගත යුතු ගැටලු පවතින්නේ චීනය සහ මෙක්සිකෝව සමග බවයි.
මීට පෙර ලෝකයේ ”පොලිස්කාරයා” ලෙස කටයුතු කළ අමෙරිකාව ට්‍රම්ප් පරිපාලනය යටතේ මේ වනවිට කටයුතු කරන්නේ ව්‍යාපාරිකයෙකු ලෙස බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් අමෙරිකාව සමග ගනුදෙනු කළ යුත්තේ එම තත්ත්වය හොඳින් වටහා ගෙන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ ඔවුන්ගේ ප්‍රතිපත්ති තුළින්ම මිස ඒවා අභිබවා යාමෙන් නොවන බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා ව්‍යාපාරිකයෙකු බැවින් ඔහු වෙළඳ ගනුදෙනු සිදු කළ යුතු ආකාරය හොඳින්ම දන්නා බවත් ලංකාව මේ මොහොතේ එහි වාසිය ලබා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart