
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ඒ බව නිවේදනය කළේය.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart