
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයට යෝජනා ඉදිරිපත්කර ඇත්තේ බාලවයස්කරුවන්ට ලබා දී ඇති ආරක්‍ෂාව උල්ලංඝනය කිරීමට නොව තරුණයන් සම්බන්ධ පෙම් සබඳතාවල ‘ප්‍රායෝගික යථාර්ථයන්ට’ ඉඩ සැලසීමේ අරමුණින් බවට අධිකරණ අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.
නව විධිවිධාන මගින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකට වරදකරුවන වයස අවුරුදු 22ට අඩු වැඩිහිටි පිරිමින්ට වඩාත් ලිහිල් දඬුවම් (අනිවාර්‍ය අවම දඬුවම හෝ අනිවාර්ය අවම දඬුවමක් වෙනුවට අත්හිටවූ සිරදඬුවම් ඇතුළුව) ලබාදීමට ඉඩ සැලසෙන ප්‍රතිපාදන යෝජනා කර තිබේ.
එසේම ලිංගිකත්වය සඳහා දැරියක විසින් කැමැත්ත දීමට හැකි වයස අවුරුදු 16 සිට 14 කිරීමට ද යෝජනා කර ඇත.
අධිකරණ අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ක්‍රියාව තවමත් නීතිය ඉදිරියේ අපරාධයක් ලෙස සළකනු ලබන අතර, යෝජිත පනත් කෙටුම්පත මගින් සහතික කිරීමට උත්සාහ කර ඇත්තේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයේ අවස්ථාවන් බවයි.
බලහත්කාරයෙන් ලිංගික හැසිරීම්වල ඉතිහාසයක් නොමැතිව පෙර පැවති ආදර සබඳතාවයක් තුළ සිදුවූවක් අධිකරණය ඉදිරියේ වඩාත් ලිහිල් ලෙස සැළකීමට මින් යෝජනා කර ඇත.
“ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සඳහා පවතින දඩුවම් නව යොවුන් වියේ සබඳතාවල ප්‍රායෝගික යථාර්ථයන් නොසළකා හරින බැවින් ඇතැම් අවස්ථාවල වැඩිහිටි සහකරු කෙරෙහි යම් අනවශ්‍ය රළුබවක් පවතිනවා. කොහොම වුණත් යෞවන සබඳතාවල ස්වභාවය සංවේදීයි ,” යනුවෙන් එම තොරතුරු මුලාශ්‍රය සඳහන් කර ඇත.
කෙටුම්පතේ මූලාරම්භය සම්බන්ධයෙන් එම තොරතුරු මූලාශ්‍ර සඳහන් කර ඇත්තේ, විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්.අලි සබ්රි අධිකරණ ඇමැතිවරයාව සිටියදී ඔහු විසින් පිහිටුවන ලද අපරාධ නීතියේ ඇතැම් අංග ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුවක් විසින් යෝජිත නීති සංශෝධන නිර්දේශ කර ඇති බවයි.
කෙටුම්පත තවමත් මූලික අදියරේ පවතින බැවින්, එය අදාළ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට පෙර සිවිල් සමාජ කණ්ඩායම්වල විරුද්ධවීම සළකා බැලිය යුතු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර, මේ සම්බන්ධ බලයලත් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බැවින් කෙටුම්පතේ නිර්දේශ අනුමත කළේ කවුරුන්ද යන්න හෙළිකිරීම අමාත්‍යංශයේ නීති අංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් ප්‍රතික්ෂේප කර තිබේ.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart