
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ආයතනවල තවමත් සේවය ස්ථිර කර නොමැති සේවකයන් කඩිනමින් ස්ථිර කිරීමට රජය පියවර ගනිමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර සඳහන් කරයි.
එමෙන්ම මෙම ස්ථිර කිරීම් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන, නිදහස් සේවක පදනම සහ වෙනත් සේවකයන් ඇතුළත් වන අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
දැනට පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක් පවතින බැවින් එම පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් ලබාදෙන බවත්, මේ වනවිට පළාත් පාලන ආයතනවල ස්ථිර නොවන සේවකයන් 10,000ක් පමණ සිටින බවත්, රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මෙම වැඩපිළිවෙළ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය කඩිනමින් ලබා ගන්නා බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart