
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් නිල නිවසක් ලබාදුන් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන විදේශ ඇමැති අලි සබ්රි එය ලබාදුන් අයගෙන් ඒ පිළිබඳව විමසිය යුතු බව ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රසමාණික්කම්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඇමැතිවරයා කියා සිටියේ තමන් කිසිවිටෙක රජයෙන් ලබාදුන් නිල නිවසක පදිංචිව නොසිටි බවත් තමන් පදිංචිව සිටින්නේ තම නිවසේ බවත්ය.
“මම කවදාවත් නිල නිවසක් පාවිච්චි කරලා නෑ. සමහර වෙලාවට විදේශ නියෝජිතයන් හමුවීමට සහ වෙනත් එවැනි කටයුතු සඳහා හිටපු විදේශ ඇමැති ජී.එල්. පීරිස් පදිංචිව සිටි නිල නිවස මම භාවිතා කරනවා,” ඔහු පැවසීය.
තමා පදිංචිව සිටි කිසිදු නිල නිවසක් කිසිවිටෙක කිසිවෙකුට ලබාදී නොමැති බවත් එසේ කිරීමට තමාට බලයක් නොමැති බවත් ඇමැතිවරයා පැවසීය.
“ගෝඨාභය රාජපක්ෂට මම නිල නිවසක් දෙන්නේ කොහොමද? එහෙම කරන්න මම කවුද? ඒක දීපු අයගෙන්ම අහන්න ඕනේ” ඔහු පැවසීය.
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අසත්‍ය ප්‍රකාශ නොකළ යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි ඇමැතිවරයාගේ නිල නිවස ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart