
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම අතිරේක දිසා විනිසුරුවරිය හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න විසින් පසුගිය අටවැනිදා කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඊයේ(16) කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයකට සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගීවී සිටියේය.
කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ ඉකුත් පෙබරවාරි 21 වැනිදා නඩු අංක 27586/24 යටතේ පැවැරූ නඩුවක් විභාගයට ගත් අවස්ථා තුනකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණය මගහැර සිටියේය.
ඉකුත් මාර්තු 04 අප්‍රේල් 01සහ මෙම 08 වැනිදා යන දිනවල උසාවිය මගහැර සිටීම, නීතිඥවරයකු හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී නොසිටීම ආදී කරුණු පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පුත්තලම අතිරේක දිසා විනිසුරුවරිය හා මහේස්ත්‍රාත් ආයෝනා විමලරත්න කල්පිටිය පොලිසියට නියෝග කර තිබිණි.
මන්ත්‍රීවරයා මෙසේ විවෘත වරෙන්තු සහිතව ප්‍රසිද්ධියේ හැසිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසිංහගෙන් ලංකාදීපය කරන ලද විමසීමකදී ඔහු පවසා ඇත්තේ, මන්ත්‍රීවරයා ඉදිරියේදී උසාවියට භාරවෙනු ඇතැයි විශ්වාසකරන බවය.
මෙම උළෙලට වයඹ පළාත් ආණ්ඩුකාර අහමඩ් නසීර්ද සහභාගී විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart