
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්බේනියාවේ නව කැබිනට් මණ්ඩලයට කෘත්‍රිම බුද්ධි(AI) ඇමතිවරියක ඇතුළත් කර තිබේ.
ඇයට පැවරී වගකීම් වන්නේ මහජන අරමුදල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පොදු ටෙන්ඩර්වල දූෂණයට එරෙහිව සටන් කිරීමයි.
ඇල්බේනියානු භාෂාවෙන් ‘සූර්‍යයා’ යන අරුත ඇති ‘ඩියෙලා’ නම් මෙම ඇමැතිවරිය භෞතිකව නොසිටින නමුත්, කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රායෝගිකව නිර්මාණය කරන ලද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු බව එරට අග්‍රාමාත්‍ය එඩි රාමා පැවසුවේය.
ඔහු පෙන්වාදුන්නේ පොදු ටෙන්ඩර් 100% දූෂණයෙන් තොර බවට සහතික වීමට ඩියෙලා උපකාර කරන බවයි.
සාම්ප්‍රදායික ඇල්බේනියානු ජන ඇඳුමෙන් සැරසී සිටින ඩියෙලා, මෙම වසර මුලදී ඊ-ඇල්බේනියා නමැති මහජන සේවා වේදිකාවේ ඩිජිටල් සහකාරවරියක් ලෙස දියත් කර තිබිණි.
එහිදී ඇය පරිශීලකයින්ට වෙබ් අඩවියේ සැරිසැරීමට සහ ඩිජිටල් ලේඛන මිලියනයක් පමණ ලබාගැනීමට උදව් කර ඇත.
ඇල්බේනියාව වසරකට පෙර සිට යුරෝපා සංගමයට එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටියි.
1990 කොමියුනිස්ට් පාලනය බිඳවැටීමෙන් පසු ඇල්බේනියාවේ ප්‍රධානතම ගැටලුවක්ව පවතින සංවිධානාත්මක අපරාධ සහ දූෂණයට එරෙහිව සටන් කිරීමේ අභියෝගවලට ද නව පාලනය මුහුණදෙයි.
ඒ අනුව ඩියෙලා ද දේශීය බලධාරීන්ට කණ්ඩායමේ රාජ්‍ය පාලන කටයුතු වේගවත් කිරීමට සහ නව ක්‍රමයකට අනුවර්තනය වීමට උපකාර කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart