
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උසස් පෙළ පන්තිවල ළමුන් නොපැමිණීමේ ගැටලුව පිළිබඳ සොයා බැලිය යුතු බවත් කිසිදු ළමයකු කුමන හේතුවක් නිසා හෝ අධ්‍යාපන අවස්ථා මග හැරිය යුතු නැති බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අගමැතිවරිය මෙම අදහස් පළ කළේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අගමැතිවරිය, උසස් පෙළ පන්තිකාමරවල, විශේෂයෙන්ම පිරිමි ළමුන් පැමිණීම අඩුවීමේ ප්‍රවණතාව පිළිබඳ අවධානය යොමු කළ අතර, සිසුන් වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපන පද්ධතියෙන් ඉවත්වෙමින් පවතින බව සඳහන් කළාය.
මුල් ළමාවිය සංවර්ධනයේ සිට අවුරුදු දහතුනක පාසල් අධ්‍යාපනය දක්වා උසස් අධ්‍යාපනයට අවස්ථා සහතික කරමින්, සමාජීය හෝ ආර්ථික බාධකවලින් තොරව සෑම දරුවකුටම අධ්‍යාපනය ලබාදිය යුතු බව ඇය අවධාරණය කළාය.
පෞද්ගලික සහ සමාජ පරිවර්තනය අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක් බවට පත් කිරීමේ වැදගත්කම ද අගමැතිවරිය අවධාරණය කළාය.
“අපේ රජය කැපවී සිටින්නේ දරුවන්ට නවීන ලෝකය සමඟ සම්බන්ධ වීමට සහ ජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්තනය මෙහෙයවීමට අවස්ථාව උදාකර දෙන පරිවර්තනීය අධ්‍යාපනික වෙනස්කම් ක්‍රියාත්මක කිරීමටයි. වගකිවයුතු පුරවැසියන් හැඩගැස්වීමේ අරමුණ ඇතිව, අධ්‍යාපනය සඳහා වන සෑම ප්‍රතිපාදනයක්ම ජාතියේ අනාගතය සඳහා කරන ආයෝජනයක් ලෙස අපි සලකන්නේ. මෙම සංකීර්ණ හා දිගුකාලීන ක්‍රියාවලියේදී ජාතික අධ්‍යාපන ආයතනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා ” යැයි ද ඇය සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart